ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණයට සහාය දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 200ක් ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.
කෙටි කාලීන සහ දිගු කාලීන වැඩසටහන් සඳහා කොටස් දෙකක් ලෙස මෙම මුදල හිමි වීමට නියමිතයි.
ඒ අනුව කෙටි කාලීන වැඩසටහන 2023 වසර තුළ ක්‍රියාත්මක කෙරෙන අතර දිගු කාලීන වැඩසටහන 2024 වසරේ සිට ආරම්භ කරනු ඇත.
ආර්ථිකමය වශයෙන් රට තුළ සිදු කෙරෙන දිගු කාලීන ව්‍යුහාත්මය වෙනස්කම් වෙනුවෙන් අදාළ මුදල ලබා දෙන බව යි අමාත්‍යවරයා පවසන්නේ.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය පිළිබඳ සුබවාදී අපේක්ෂාවෙන් පසු වන අතර, එය හිමි වීමෙන් පසු ජාත්‍යන්තර සංවිධානවල සහාය ශ්‍රී ලංකාව වෙත තවදුරටත් හිමි වනු ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කරනවා.

