ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සාපරාධී කටයුතුවලදී අන්‍යෝන්‍ය නෛතික සහය ලබා දීම සම්බන්ධයෙන් වූ සංශෝධිත ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
2022 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සාපරාධී කටයුතුවලදී අන්‍යෝන්‍ය සහය පිළිබඳ ගිවිසුමකට එළැඹීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.
කෙසේවෙතත් මාලදිවයින රජය විසින් අදාළ ගිවිසුමට තවත් සංශෝධනය කිහිපයක් එකතු කිරිමාට යෝජනා කිරීම හේතුවෙන් එය මෙතෙක් අත්සන් කරනු ලැබුවේ නැහැ.
පසුව දෙපාර්ශවයේ එකඟතාවය මත සංශෝධිත නව කෙටුම්පතක් සකස් කළ අතර එම කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අවසරය ලැබී තිබෙනවා.
ඒ අනුව මෙම ගිවිසුම අත්සන් කිරීමට අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ අතර පසුව දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල විසින් ගිවිසුම අනුමත කිරීමක් ද සිදු කරනු ලැබුවා.

