ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ ඉහළම අගය අද වාර්තා වී තිබෙනවා.
ඒ අනුව අද රන් අවුන්සකයක මිල අමෙරිකානු ඩොලර් 2,111 දක්වා ඉහළගොස් තිබෙනවා.
අමෙරිකානු ඩොලරය දුර්වලවීම සහ ලබන වසරේදී අමෙරිකානු පොලී අනුපාත කප්පාදුකිරීමක් අපේක්ෂා කිරීම මෙලෙස රන් මිල ඉහළයාමට ප්‍රධානම හේතුව වනවා.
යුක්රේන යුද්ධය සහ ඊශ්‍රායල – හමාස් යුද්ධය කේන්ද්‍රකොට පැනනැඟුණු භූ-දේශපාලනික අවිනිශ්චිතභාවය නිසා පසුගිය මාස දෙකේදීම රන්මිල අඛණ්ඩව ඉහළ යාමකට ලක් වුණා.
නොවැම්බර් මාසය ආරම්භයේ සිට අමෙරිකානු ඩොලරයේ අගය, අනෙකුත් ප්‍රධාන විනිමය 06කට සාපේක්ෂව 3.2%කින් පමණ පහත වැටීමකට ලක් වී තිබෙනවා.
භූ-දේශපාලනික අස්ථාවරත්වය හමුවේ මහ බැංකු සහ ආයෝජකයන් වැඩි වශයෙන් රන් මිලදි ගැනීම පසුගිය නොවැම්බරයේ සිට වාර්තා වු අතර, මෙලෙස ඉල්ලුම ඉහළයාම රන් මිල කැපීපෙනෙන ලෙස ඉහළයාමට හේතු වී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරන්නේ.
ලෝක වෙළෙඳපොළේ රන් මිල මීට පෙර වාර්තා කළ ඉහළම අගය වූයේ 2020 වසරේ අගෝස්තු මාසයේ වාර්තා වු අවුන්සයකට ඩොලර් 2072.49ක අගයයි.

