අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව හෙට සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට එම මුදල් බැර කිරීමට නියමිතව තිබෙනවා.
එසේන අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරාගත් පුද්ගලයින්ට ජූලි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ප්රතිලාභ ලබාදෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

