එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්කිරීමේ උත්සහයක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙහි මුලිකත්වය මලික් සමරවික්‍රම මහතා විසින් ගෙන ඇති අතර මේ සඳහා තවත් කිහිපදෙනෙකු එක් වී ඇති බවයි වාර්තා වෙන්නේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකු වන මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂ පාලන සමය තුළ අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කරනු ලැබුවා.
මෙම ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙල සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ සැලකිය යුතු පිරිසකගේ කැමැත්ත පළ වී තිබෙනවා.
කෙසේවෙතත් විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවක් පළ කර නොමැති බවයි වාර්තා වෙන්නේ.

