ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන පරිදි තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ගිනිකොන දිග බෙංගාලබොක්ක මුහුද ආශ්රිත ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු අඟවා තිබේ.
එම කාලපය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී උතුරු අක්ෂාංශ 9.5 සහ නැගෙනහිර දේශාංශ 86.0 ආසන්න ප්‍රදේශයේ, ත්‍රිකුණාමලයේ සිට කි.මී 550ක පමණ දුරින් පවතිනවා.
එය හෙටගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අනිද්දා වන විට සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට නියමිත බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරන්නේ.
මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 4 වනදා උතුරු තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරනු ඇත.
ඒ අනුව ඉදිරි පැය 48 තුළ පහතින් දක්වා ඇති ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවන්ට දැනුම් දෙනවා.



