හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමේ සැලැස්මක්

2024 වසර ඇතුලත හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මේ සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 400ක මුදලක් වෙන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

දැනට කෝපි වගාව ප්‍රධාන වැවිලි භෝගයක් ලෙස වගා නොකළත් මෙරට කෝපි සම්බන්ධව විදේශ වෙළෙඳපොළේ ඇති ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් කෝපි වගාව නැවතත් වැවිලි බෝගයක් ලෙස ප්‍රචලිත කිරීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කෝපි වගාව සඳහා හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂ 10ක් ලබා දෙන අතර එම මුදලෙන් 50%ක් නැවත අයකර නොගන්නා බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ.