විදේශ රැකියා ක්ෂේත්රය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත ක්ෂණිකව තොරතුරු ලබාදීම හා සේවාවන් කඩිනමින් ලබාදීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය www.slbfe.lk යාවත්කාලීන කර තිබෙනවා.
ඒ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම හා ලියාපදිංචිය අලුත් කිරීම, රැකියා බැංකුවේ ලියාපදිංචි කිරීම, නව විදේශ රැකියා අවස්ථා හඳුනාගැනීම හා විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම ඇතුළු විදේශ රැකියාවට යාමට පෙර හා විදෙස් රැකියාව අවසන් කර මෙරටට පැමිණීමෙන් අනතුරුව විගමණික ප්‍රජාව වෙත සැලසෙන සේවාවන් සම්බන්ධව තොරතුරු ලබාදීම හා අවශ්‍ය ලියාපදිංචි කිරීම් ආදිය සිදු කිරීමට මෙම වෙබ් අඩවිය හරහා දැන් හැකියාව පවතිනවා.
එසේම මෙම පහසුකම් සියල්ල ඉංග්‍රීසි, සිංහල සහ දෙමල යන භාෂා ත්‍රිත්වයෙන් ම ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ.

