ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව දිගටම

හමාස් විසින් නිදහස් කරන ලද තවත් ප්‍රාණ ඇපකරුවන් 12දෙනෙක් ඊශ්‍රායලය වෙත ලඟා වී සිටින බව ඊශ්‍රායල රජය වාර්තා කරනවා.

එම පිරිසට ඊශ්‍රායල ජාතිකයන් 10දෙනෙක් සහ තායිලන්ත ජාතිකයන් දෙදෙනෙක් ඇතුළත් වනවා.

එසේම ඊශ්‍රායල විසින් ද ඊශ්‍රායල සිර මැදිරි වල සිටි තවත් පලස්තීනුවන් 30 දෙනෙක් ද නිදහස් කර තිබෙනවා.

මේ අතර ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීමේ වැඩසටහන ද අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහි දී ආහාර පිස ගැනීම සඳහා අවශ්‍ය ගෑස් ලබා ගැනීමට සිය ගණනක් පමණ පෝලිම් වල රැඳී සිටිනු දැක ගත හැකි වනවා. ඔවුන් මෙලෙස දින තුනක් පමණ පෝලිම් වල රැඳී සිට තිබෙනවා.

හමාස් භාරයෙන් නිදහස් වුණු තායිලන්ත ජාතිකයන් ඔවුන්ගේ රටට ගොස්
ගෑස් ලබා ගැනීමට පෝලිමේ සිටින ගාසා තීර වැසියන්

Two Thai nationals released from GazaTwo Thai nationals released from Gaza