සෞරග්‍රහ මණ්ඩලයේ භයානකම පාෂාණයෙන් කොටසක් බ්‍රිතාන්‍යට

සෞරග්‍රහ මණ්ඩලයේ ඇති භයානකම පාෂාණය ලෙස හැඳින්වෙන Bennu නම් ග්‍රහකයේ ඉතා කුඩා කොටසක් පරීක්ෂණ කටයුතු සඳහා NASA ආයතනය විසින් බ්‍රිතාන්‍ය පරීක්ෂණාගාරයක් වෙත ලබා දී තිබෙනවා.

එම නියැදිය 2020 වසරේ දී NASA හි Osiris-Rex අභ්‍යවකාශ යානය මගින් මීටර් 500ක් පළල Bennu ග්‍රහකයේ මතුපිටින් ලබාගෙන තිබෙනවා.

මෙම නියැදිය හරහා මීට වසර බිලියන 4.6කට පෙර සිදු වුණු සෞරග්‍රහ මණ්ඩලයේ සැකසීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වන බවයි NASA ආයතනයේ විද්‍යාඥයන් මත පළ කරන්නේ.

NASA ආයතනය විසින් Bennu ග්‍රහකයෙන් ලබා ගත් කොටසින් 100mg ක ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයේ පරීක්ෂණාගාරය වෙත ලබා දී ඇති අතර එහි විශාලම අංශුව පවා 2mm විශ්කම්භයකින් යුතු වනවා.

කෙසේවෙතත් එහි විද්‍යාඥයන් පවසන්නේ මෙම ප්‍රමාණය වුව ද ජිවිත කාලයටම සෑහෙන්න තරම් පරීක්ෂණ කිරීමට ප්‍රමාණවත් බවත්, ඔවුන් එම නිදර්ශක වල අඩංගු ද්‍රව්‍ය වෙනම විශ්ලේෂණයට ලක් කරන බවත් ය.

Osiris-Rex අභ්‍යවකාශ යානය මඟින් ලබා ගත් මව් සාම්පලයෙන් වැඩි කොටසක් අනාගතයේ බිහි වන විද්‍යාඥයන්ගේ පරීක්ෂණ කටයුතු වෙනුවෙන් සංරක්ෂණය කිරීමට NASA ආයතනය තීරණය කර තිබෙනවා.

මේ පරීක්ෂණය සඳහා ලොව පුරා සිටින විද්‍යාඥයන් සිය ගණනක් එකතු වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

Asteroid size comparison

Bennu sample at the NHM

Nasa says it has an "abundance of sample" from asteroid Bennu

Speck of Bennu