ඩොලර් මිලියන 59ක් වියදම් කළ විශාලම විවාහ උත්සවයක්

ඕනිම කෙනෙක් ට තමන් විවාහ වෙන දවස කියන්නේ ගොඩක් සුවිශේෂී දවසක්. ඉතින් එයාල කැමතියි ජීවිතේට අමතක නොවෙන දවසක් විදිහට එයාලගේ වෙඩින් එක ගන්න. ඉතින් එන්න එහෙම ලෝකෙටම අමතක නොවෙන්න ගත්ත වෙඩින් එකක් මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔක්කොම කළඹලා තියෙනවා.

මේ විදිහට ඇමරිකානු ඩොලර් මිලියන 59ක විවාහ උත්සවයක් අරන් තියෙන්නේ ඇමරිකාවේ මැඩලේන් බ්‍රොක්වේ (Madelaine Brockway) සහ ඇයගේ පෙම්වතා ජේකොබ් ලග්‍රෝන්ගේ (Jacob LaGrone) විසින්.

ශ්‍රී ලංකාවේ මුදලින් නම් ගත්තොත් එයාල රුපියල් කෝටි 1,933කට ආසන්න මුදලක් වැය කරලා තියෙනවා.

මේ මනමාල ජෝඩුව එයාලගේ විවාහ උත්සවයට කලින් ප්‍රංශයේ ප්‍රසිද්ධ ඔපෙරා ස්ථානයක් වන Palais Garnier හි පෙරහුරු රාත්‍රී භෝජන සංග්‍රහයක්, ප්‍රසිද්ධ ප්‍රංශ මාලිගාවක් වන Versailles මාලිගයේ රාත්‍රියක් ගත කරලා තියෙනවා.

ඒ වගේම මනමාලි Madelaine සහ ඇගේ යහළුවන් එයාලටම කියලා වෙන් වුණු Chanel bag ද හදා ගනිමින් Chanel හි දිවා ආහාරයකට ත් සහභාගී වෙලා තියෙනවා.

ඒ වගේම තමයි මනමාලයා එයාගේ bachelorette party එක සතියක් පුරාවට පවත්වලා තියෙනවා. එක එක දවසට එක එක themes යොදා ගෙන තමයි ඒකත් කරලා තියෙන්නේ.

ඒ වගේම තමයි වෙඩින් එකට එන ආරාධිත අමුත්තන් ඔක්කොටම පෞද්ගලික ගුවන් යානා මගින් තමයි ප්‍රවාහන පහසුකම් සපයලා තියෙන්නේ. එයාලගේ වියදම් ඔක්කොමත් මේ මනමාල ජෝඩුව තමයි බලා ගෙන තියෙන්නේ.

මොවුන් ප්‍රංශයේ පිහිටි ඉතාමත් අලංකාර Chateau de Villette හි දී සිය විවාහ උත්සවයේ ප්‍රධාන අංග සිදු කර තිබෙන අතර එහි දී ප්‍රසිද්ධ අමෙරිකානු පොප් රොක් සංගීත කණ්ඩායමක් වන මරූන් 5 සංගීත කණ්ඩායම විසින් මේ මනමාල ජෝඩුව වෙනුවෙන් පෞද්ගලික සංගීත ප්‍රසංගයක්ද පවත්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙහි දී මනමාලි Madelaine විසින් එයාටම කියලා නිර්මාණය කරන ලද Dior haute couture ඇඳුමකින් සැරසිලා තියෙනවා.

මෙම විවාහයේ මනමාලිය ඒ කියන්නේ Madeline Brockway, Mercedes-Benz අලෙවි නියෝජිතයන් සමූහයක මව් සමාගම වන Bill Ussery Motors හි ප්‍රධාන විධායක නිලධාරී Bob Brockway ගේ දියණිය වනවා.