අද කොළඹ – මහනුවර පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මහනුවර බෝගම්බර ප්රධාන බස් රථ නැවතුම්පළේ ගමන් වාරයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ලං.ග.ම බස් රථයක කොන්දොස්තරවරයෙකු විසින් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුට සිදු කළ පහරදිමක් මුල් කර ගනිමිනුයි මෙම වර්ජනය ක්රියාත්මක කර ඇත්තේ.
අදාළ ගැටුමෙන් දෙදෙනාටම තුවාල සිදුව ඇති අතර, ඔවුන් මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම වර්ජනය හේතුවෙන් මගින් විශාල පිරිසක් අපහසුතාවයට පත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

