වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාව ඔහු විසින් දරන ලද ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධුර වලින් ඉවත් කොට තිබෙනවා.
ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා විසින් රොෂාන් රණසිංහ වෙත අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ලබා දී ඇත.
අද පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළ ඔහු තමන්ගේ ජිවිතයට තර්ජන ඇති බැවින් තමාට ආරක්ෂාව සපයන ලෙස විශේෂ ඉල්ලීමක් ද සිදු කළා.
”මා මහමග මරලා දාන්න පුළුවන්. ඒක හෙට ද? අද ද? අනිද්දා ද? කියලා දන්නේ නැහැ ඒකට ජනාධිපති ඉඳලා සාගල රත්නායක දක්වා වගකිය යුතුයි ”


