ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර යෝජිත තාවකාලික සටන් විරාමය හෙට එරට වේලාවෙන් උදෑසන 7ට ආරම්භ කිරීමට නියමිත බව කටාර් විදේශ අමාත්‍යාංශය පවසනවා.
එසේම එරට වේලාවෙන් පස්වරු 4.00 ට ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකුගෙන් යුතු පළමු කණ්ඩායම හමාස් සංවිධානය විසින් නිදහස් කිරීමට ද නියමිතව තිබෙනවා.
මෙම පළමු සටන් විරාමයේ දී හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙක් බැගින් සහ ඊශ්‍රායල හමුදා විසින් ප්‍රාණ ඇපකරුවන් 150 දෙනෙක් බැගින් නිදහස් කිරීමට එකඟත්වය පළ කර තිබෙනවා.
මේ අතර උතුරු ගාසා තිරයේ අල් ෂිෆා රෝහලේ රෝහල් අධ්‍යක්ෂකවරයාව ඊශ්‍රායල හමුදා විසින් ප්‍රශ්න කිරීම් සඳහා රඳවා තබා ගෙන සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔවුන් සඳහන් කරන්නේ හමාස් සංවිධානය විසින් අල් ෂිෆා රෝහල සිය ප්‍රධාන අණ දෙන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන ගොස් ඇති බවට තහවුරු වී ඇති බවයි.

