එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් මෙවර IPL තරඟයෙන් ඉවත් වෙයි

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස් ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකරන බව වාර්තා වනවා.

ඒ ඔහුට දණහිසේ සැත්කමකට භාජනය වීමට සිදුවීම හේතුවෙනු යි.

ස්ටෝක්ස් 2023 IPL තරඟාවලියේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වන නමුත් ඇති වූ ආබාධ හේතුවෙන් ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වූයේ තරඟ දෙකක් පමණි.

2024 IPL තරඟාවලිය සඳහා දින තවමත් තහවුරු කර නොමැති නමුත් ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන T20 තරඟාවලිය 2024 වසරේ මාර්තු අග සිට මැයි අවසානය දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.