විදේශ චිත්‍රපට බලපත්‍ර ගාස්තුව අඩු වෙයි

විදේශීය චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාගැනීමේ අයදුම් කිරීමේ ගාස්තුව අඩුකිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

දැනට මෙරට තුළ විදේශීය චිත්‍රපටියක් ප්‍රදර්ශනය කිරීම සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම්පත්‍රයක් භාරදීමේ දී රුපියල් 40,000ක මුදලක් ගාස්තු වශයෙන් අය කර ගනු ලබනවා.

ඒ අනුව ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගාස්තුව රුපියල් 30,000ක් දක්වා අඩු කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මේ අතර ප්‍රසිද්ධ රැඟුම් පාලක පනත, ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත ලෙස සංශෝධනය කිරීම ද සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.