ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ප්‍රමාද වෙයි

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර එකඟ වී ඇති දින 4ක් සඳහා සටන් නැවැත්වීම බ්‍රහස්පතින්දා උදෑසන 10 සිට ක්‍රියාත්මක වන බව හමාස් සංවිධානය ඊයේ නිවේදනය කළා.

කෙසේවෙතත් ඊශ්‍රායල රජය ප්‍රකාශ කර ඇත්තේ සටන් විරාමය ආරම්භ වීම ප්‍රමාද වනු ඇති බවයි.

එසේම සිකුරාදා පෙර හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ගෙන් පිරිසක් නිදහස් කරනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙක් නිදහස් කිරීමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ සිර කඳවුරුවල රඳවා සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150ක් පමණ ඊශ්‍රායලය විසින් නිදහස් කිරීමටයි දෙපාර්ශවය මින් පෙර එකඟ වී තිබුණේ.

සටන් විරාමය තවමත් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ගාසා තීරයේ ගොඩබිම සහ ගුවන් මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරන බව වාර්තා වෙනවා.