ඉදිරියේදී පැවැත්වෙන කිනම් හෝ මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10 ක ප්‍රතිපාදන වෙන්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරනවා.
එය අයවැය යෝජනා වල ඉදිරිපත් නොකළ ද අයවැය ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීමට එහි විධායක කමිටුව දෙසැම්බර් 06 වැනිදා රැස්වන බව හෙතෙම සඳහන් කරනවා..
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

