2023 අ.පො.ස. උසස් පෙළ විභාගය 2024 වසරේ ජනවාරි මස 04 වනදා සිට 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර තිබෙනවා.
පෙර සැලසුම් කර ඇති පරිදි එම කාලසටහන් වලට අනුව මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.
උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අද විභාගයට ගැනුණු අතර, එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්රභා වී ඇති අතර SC/ FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉල්ලා අස් කරගෙන ඇති බව වාර්තා වෙනවා.


