උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙරට උද්ධමනය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේ දී ඉහළ ගොස් තිබෙනවා.

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ ඔක්තෝම්බර් මාසයේ උද්ධමනය 1%ක් දක්වා වැඩි වී ඇති බවයි.

2023 සැප්තැම්බර් මාසයේ මෙරට උද්ධමනය සඳහන් වූයේ 0.8%ක් ලෙසටය.