Nas Daily ගෙන් මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට සහය

ජනප්‍රිය vlogger කෙනෙක් වන Nas Daily හෙවත් Nuseir Yassin මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

අදාළ ගිවිසුමට අනුව Nas Daily ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කරගත් විශේෂ වීඩියෝ තුනක් නිෂ්පාදනය කිරීමට නියමිතයි.

සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට පැමිණි ඔහු ඔහුගේ Facebook, TikTok සහ Instagram පිටුවල දෛනිකව මිනිත්තු එකක් දිග videos මෙන්ම ඔහුගේ Youtube චැනලයේ vlogging videos ද පළ කරනු ලබනවා.

2020 වසරේ දී Nas Daily විසින් The Most Generous Country During Covid – කොවිඩ් සමයේ වඩාත්ම ත්‍යාගශීලී රට ලෙස ශ්‍රී ලංකාව හඳුන්වමින් වීඩියෝවක් නිෂ්පාදනය කරනු ලැබුවා.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මහත් පිටුවහලක් වනු ඇති බවයි.

May be an image of 2 people and text that says '41% LIFE'

May be an image of 5 people, people smiling, people studying, table, suit and newsroom

May be an image of 2 people, beard and suit

May be an image of 1 person and text that says 'LIFE'

May be an image of 1 person, pool and horizon

ඡායාරුප – අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ සහ Nas Daily ගේ නිල ෆේස්බුක් ගිණුම් වලින්