එළඹෙන දෙසැම්බර් උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඉදිරි දින කිහිපයේදී හැකි ඉක්මණින් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවයි.
මෙහි දී විශේෂයෙන් කීරි සම්බා සහ සම්බා සඳහා ආදේශක සහල් ආනයනය කිරීමට සැලසුම් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ තුළින් ද මිල පාලනය කිරීමට නොහැකි වුවහොත් සහල් ආනයනය කරන ප්‍රමාණය ඉහළ දැමීමට ද රජය බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.

