පසුගිය දා පැවති ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දී ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ පරාජයට පත් වීම නිසා හටගත් කම්පනය හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් තිබෙනවා.
එයින් දෙදෙනෙක් සියදිවි හානි කර ගෙන ඇති අතර එක් අයෙක් ඇති වූ හаදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.
සියදිවි නසා ගත් තරුණයන් දෙදෙනාම වයස අවුරුදු 23 හි පසුවන්නන් වන අතර ඔවුන් බටහිර බෙංගාලයේ බන්කුරා ප්‍රදේශයේ සහ ඔඩීෂා ප්‍රාන්තයේ ජජ්පූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
හаදයාබාධය හේතුවෙන් මිය ගිය තරුණයා අවුරුදු 27ක ඉන්දියාවේ තිරුපති දුර්ගා සමුද්‍රම් ගම්මානයේ පදිංචිකරුවෙක් වනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවට ලෝක කුසලානය අහිමි වීමත් සමඟ රූපවාහිනියෙන් තරග නරඹමින් සිටි ඉන්දියාවේ විශාල පිරිසක් කෝපයට පත්ව රූපවාහිනි යන්ත්‍ර පොළොවේ ගසා විනාශ කර ඇති බවයි.

