මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

මෙම සතිය තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කරනවා.

එහි සභාපති පි.එච්. ගුණසිංහ මහතා සඳහන් කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ බඳවාගැනීමේ පටිපාටියේ පවතින දුර්වලතා ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම පියවර ගන්නා බවයි.

කෙසේවෙතත් මෙම ගැටළු සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ ඉංජිනේරුවන්ගේ සංගමය විසින් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි වාර්තා වෙන්නේ.

අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ද ඔවුන් මෙතෙක් දැනුවත් කර නොමැති අතර යම්හෙයකින් අසනීප නිවාඩු වාර්තා කළහොත් අතිරේක සේවකයින් යොදවා රාජකාරී ආවරණය කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත්තේ.