දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමඟ රට පුරා ඩෙංගු ව්‍යාප්තිය අධි අවදානම් තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
මේ හේතුවෙන් දැනට නම් කර ඇති ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම 2023 වසරේ ආරම්භයේ සිට මේ දක්වා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ප්‍රමාණය ද 70,000 ඉක්මවා ඇති බවයි වාර්තා වෙන්නේ.
ඉන් වැඩිම පිරිසක් එනම්, 34,645ක් බස්නාහිර පළාතෙන් වාර්තා වනවා.

