අඛණ්ඩව දෙවන රාත්‍රියටත් යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියානු හමුදා විසින් ඩ්‍රෝන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.
අගනුවර හමුදා අංශ සඳහන් කරන්නේ රුසියානු ඩ්‍රෝන යානා දහයකට පමණ පහර දීමට යුක්රේන හමුදා වලට හැකි වූ බවයි.
මෙම ප්‍රහාර හේතුවෙන් ජිවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති අතර නගරයට ද එතරම් විශාල හානියක් සිදු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය සිකුරාදා රාත්‍රියේ ද රුසියාව විසින් යුක්රේනයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගෙන ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කරනු ලැබූ අතර එසේ එල්ල කරන ලද ඉරානයේ නිෂ්පාදිත ෂහේඩ් ඩ්‍රෝන යානා 38 න් 29 ක් බිම හෙළීමට යුක්රේන හමුදා සමත් වී තිබෙනවා.
එම ප්‍රහාරය හේතුවෙන් යුක්රේනය පුරා නගර සහ ගම්මාන 400කට වැඩි ප්‍රමාණයක විදුලිය විසන්ධි වූ බවයි වාර්තා වෙන්නේ. එසේම දකුණේ ඔඩේසා හි පිහිටි තෙල් ගබඩාවකට ද හානි සිදු වී තිබෙනවා.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි අනතුරු අඟවා ඇත්තේ ශිත ඍතුව වන විට රුසියාව සිය ප්‍රහාර තවත් දරුණු කරනු ඇති බවට අපේක්ෂා කළ හැකි බැවින් ඒ සඳහා සූදානම් විය යුතු බවයි.

