මහ ඔය නිම්නය ආශ්‍රිත ප්‍රදේශ වලට ගංවතුර අවදානමක්

ඉදිරි පැය 24ක කාලය තුළ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දං‍කොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහ ඔය නිම්නය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට මේ වනවිට සැලකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එම වර්ෂා තත්තත්තවය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් මහ ඔය ද්‍රෝණිය තුළ නඩත්තතු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර තිබෙනවා බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව මෙම අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් දැඩිව සැලකිල්ලකින් යුතුව කටයුතු කරන ලෙසට එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ අදාළ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.