එක්සත් ජනපදය පදනම් කරගත් ඛනිජ තෙල් බෙදාහැරීමේ සමාගමක් වන RM Parks ලබන මාසයේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කරනවා.
එම සමාගම විසින් මේ වන විට ඒ සඳහා වූ මූලික ගෙවීම් රජයට ලබා දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු වල පළමු අදියරය ලෙස ඉන්ධන පිරවුම්හල් 150ක් පවර ගෙන ඒවායේ සිට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කරනු ලබනවා. එසේම ඔවුන්ට තමන්ගේම නව ඉන්ධන පිරවුම්හල් ද ශ්‍රී ලංකාව තුළ ඉදි කිරීමට අවසර ද ලබා දී තිබෙනවා.
ඒ අනුව RM Parks සමාගම ශ්‍රී ලංකා වෙළඳපොළට පිවිසි තුන්වන ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගම බවට පත් වනු ඇත.

