නොරොච්චෝලේ යථා තත්ත්වයට පත් වෙන්න තවත් දින තුනක්

බිඳ වැටීමට ලක්වූ නොරොච්චෝලේ ලක්විජය තාප විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ කටයුතු යළි ආරම්භ කිරීමට තවත් දින 3 ක පමණ කාලයක් ගතවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

බිඳ වැටී ඇති දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතිය යථා තත්වයට පත් කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

එහි පවතින අධික උණුසුම් තත්ත්වය හේතුවෙන් මෙලෙස දින 03 ක පමණ කාලයක් ඒ සඳහා ගතවන බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබෙන්නේ.

කෙසේ වෙතත් අඛණ්ඩ විදුලි සැපයුමට මෙයින් බාධාවක් නොවන බවත් උපරිම ලෙස ජල විදුලි උත්පාදනයෙන් අඛන්ඩ විදුලි සැපයුමක් ලබා දෙන බවත් ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.