ලියෝනිඩ් උල්කාපාත වර්ෂාව ශ්‍රී ලංකාවටත් දර්ශනය වෙයි

ලියෝනිඩ් උල්කාපාත වර්ෂාවේ උපරිමය දැක බලා ගැනීමට ශ්‍රී ලංකාවටත් අවස්ථාව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යාඥ ජනක අදස්සූරිය පවසනවා.

ඔහු සඳහන් කර ඇත්තේ මෙම උල්කා වර්ෂාව හෙට සහ අනිද්දා දිනයන්වලදී දැක ගැනීමට හැකියාවක් පවතින බවයි.

එම දිනයන්හි පාන්දර 2.00න් පමණ පසුව නැගෙනහිර ක්ෂිතිජය ඔස්සේ සිංහ රාශිය දෙස බැලීමේ දී මෙම උල්කාපාත දැක ගැනීමට හැකි වනවා.

මෙහිදී පැයකට උල්කාපාත 10-15ත් අතර දැකිය හැකි බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කරනේ.