2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති දෙවැනි අවසන් පූර්ව තරගය කඩුලු 03කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.
ඒ අනුව ලබන 19 වන දා පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන අවසන් මහා තරඟය සඳහා ඉන්දියාව සමඟ තරඟ වැදීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සුදුසුකම් ලබා ගනු ලැබුවා.
අද තරඟයේ දී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදුන් අතර ඔවුන් පන්දුවාර 49යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස් කර ගත්තා.
එහි දී සුවිශේෂී ඉනිමක් ක්‍රීඩාකළ ඩේවිඩ් මිලර් පන්දු 116කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 101ක් කර ගත අතර එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 6 වන ශතකයයි.
දකුණු අප්‍රිකා කණ්ඩායමේ මුල් පෙළේ කඩුලු 4ම ලකුණු 24කට දවා ගැනීමට ඔස්ට්‍රේලියානු වේගපන්දුයවන්නන් සමත් වුණා.
ජයග්‍රාහී ලකුණු 213ක ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 47යි පන්දු 02ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 215ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කරනු ලැබුවා.

