2024 වර්ෂය ආර්ථික වශයෙන් ශක්තිමක් වසරක් බවට පත්කිරීම සඳහා 1.8 %ක ආර්ථිකයක් වෙත ගමන් කිරීම රජයේ මූලික අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කරනවා.
මෙවර අයවැයේ දී රාජ්‍ය සේවකයින්, දිළිදු හා ආර්ථික වශයෙන් අවදානම් සහගත පවුල් වෙනුවෙන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා විශේෂයෙන් අවධානය යොමු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ඔහු වැඩිදුරටත් පැවසුවේ 128%ක්ව පැවති ණය බර ප්‍රමාණය 95%ක් දක්වා අඩුකිරීම, මුල්‍යම අවශ්‍යතාව 34.6% සිට 13% දක්වා අඩුකිරීම සහ විදේශීය ණය සේවා කරණය අද පවතින 9.4% සිට 4.5% දක්වා අඩු කිරීම යන කාරණා පාදක කරගනිමින් 2024 අයවැය ඉදිරිපත් කිරීමට සිදු වූ බවයි.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් දැක්වුවා.

