ගාසා නගරයේ පිහිටි විශාලතම රෝහල වන අල්-ෂිෆා රෝහල තුළ සිය හමුදා විසින් මෙහෙයුමක් දිය කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරනවා.
හමුදා ටැංකි සහ කමාන්ඩෝ භටයන් එරට වේලාවෙන් අලුයම 02ට පමණ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට කඩා වැදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇමරිකාව පෙන්වා දී ඇත්තේ අල්-ෂිෆා රෝහල කේන්ද්‍ර කර ගනිමින් හමාස් සංවිධානයේ භූගත කඳවුරක් පවතින බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි.
එසේම ඔවුන් සඳහන් කරන්නේ තවත් රෝහල් වලද හමාස් සංවිධානය විසින් මෙලෙස කඳවුරු පවත්වාගෙන යමින් ඔවුන්ගේ අවි ආයුධ තැන්පත් කර ඇති බවයි.
නිව් යෝර්ක් හි ඊශ්‍රායලයේ නියෝජ්‍ය කොන්සල් ජනරාල්වරයා පවසන්නේ හමාස් සංවිධානය විසින් ඔවුන්ගේම මිනිසුන් පලිහක් ලෙස භාවිතා කරමින් රෝහල් වල සිටින පලස්තීන වැසියන්ට ඉන් පිටව යෑමට අවස්තාව ලබා නොදෙන බවයි.
මේ වන විට ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම් හේතුවෙන් පලස්තීන වැසියන් 11,000කට අධික ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා.

