ආර්ථික අර්බුධයට හේතුව රාජපක්ෂ පවුලයි

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු නිලධාරීන් වගකිව යුතු බවට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තීන්දු කරනු ලැබුවා.

අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු සඳහන් කර ඇත්තේ ඉහත සඳහන් කළ පුද්ගලයන් ආර්ථිකය වැරදි ලෙස හසුරුවමින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බැවින් ඔවුන් ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයට වගකිව යුතු බවයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ක්‍රියාකාරීන් වන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, ජෙහාන් කනගරත්න සහ ජුලියන් බොලින් යන අය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ පවතින අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලමින් මෙම පුද්ගලයන්ට එරෙහිව පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ.