1980 වසරේ දී ජනප්‍රිය ගායක මයිකල් ජැක්සන් විසින් පැළඳ සිටි සංකේතාත්මක ලෙදර් ජැකට් එකක් පවුම් 250,000 හෙවත් ඇමරිකානු ඩොලර් 306,000කට වෙන්දේසි වී තිබෙනවා.
පෙප්සි සිසිල් බිල සමාගමේ වෙළඳ දැන්වීමක දී මයිකල් ජැක්සන් විසින් ඇඳ සිටි මෙම ජැකට්ටුව පවුම් 200,000 ත් 400,000 ත් අතර මුදලකට අලෙවි වනු ඇතැයි පුරෝකථනය කර තිබුණා.
පසුගිය සිකුරාදා ලන්ඩන් හි දී පැවති වෙන්දේසියක් අතරතුරයි මෙය විකිණී ඇත්තේ.

