චිකුන්ගුන්යා සඳහා පළමුවරට එන්නතක්

ගෝලීය තර්ජනයක් වෙමින් පවතින රෝගයක් ලෙස සලකන චිකුන්ගුන්යා සඳහා සොයා ගෙන ඇති එන්නතකට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

මදුරුවන්ගෙන් බෝවන මෙම චිකුන්ගුන්යා රෝගය උණ සහ සන්ධි වේදනාව ඇති කරන අතර අලුත උපන් බිළිඳුන්ට එය මාරාන්තික වීමේ අවදානමක් පවතිනවා. එසේම දීර්ඝ කාලීන ආබාධ පවා ආසාදිතයන්ට ඇති විය හැකි වනවා.

2023 වසරේ ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වන කාලයේ දී චිකුන්ගුන්යා හේතුවෙන් සිදු වූ මරණ 350ක් සහ චිකුන්ගුන්යා රෝගීන් 440,000ක් පමණ ලොව පුරා වාර්තා වී තිබෙනවා.

එයින් රෝගීන් බහුතරයක් දෙනා දකුණු ආසියාවෙන් සහ දකුණු ඇමරිකාවෙන් වාර්තා වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

චිකුන්ගුන්යා සඳහා ප්‍රතිකාර කිරීමට මෙතෙක් නිශ්චිත ඖෂධයක් සොයා ගෙන නැහැ.