දිස්ත්‍රික්ක දෙකක සුරාසැල් හෙට වැසේ

හෙටට යෙදී ඇති දීපවාලි උත්සවය හේතුවෙන් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සුරාසැල් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද්කුමාර් මහතා විසින් සිදු කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනුයි එම දිස්ත්‍රික්ක දෙකෙහිම සුරාසැල් වසා දැමීමට දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දී තිබෙන්නේ.