දින 52 කට පසු යුක්රේනයේ කියෙව් අගනුවරට සෙනසුරාදා අලුයම කාලයේ දී රුසියානු ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති බව නගර බලධාරීන් නිවේදනය කරනවා.
මෙම ගුවන් ප්‍රහාරයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ.
යුක්රේන හමුදා විසින් රුසියාවෙන් Kherson ප්‍රදේශය නිදහස් කර ගැනීමේ පළමු සංවත්සරය සනිටුහන් කරන දිනයේ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ප්‍රහාරක මිසයිල වලට සැලකිය යුතු තරම් බාධා කිරීමට යුක්රේන ගුවන් හමුදා සමත් වී තිබෙනවා.
මේ අතර කියෙව් අගනුවර සිට කිලෝමීටර් 442ක් පමණ දුරින් පිහිටි වෙරළබඩ ප්‍රදේශයේ වූ ඔඩේසා හි ද මිසයිල ප්‍රහාර දෙකක් වාර්තා වී තිබෙනවා.
එම ප්‍රහාරයේ පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා ඇති අතර වයස අවුරුදු 96ක් වූ කාන්තාවක් රෝහල්ගත කර තිබෙනවා.
ජපානයේ පැවති G7 රැස්වීමකදී, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, කැනඩාව සහ එක්සත් ජනපදයේ විදේශ අමාත්‍යවරුන් මෙන්ම යුරෝපා සංගම් නියෝජිතයින් අවධාරණය කර තිබෙන්නේ රුසියාව යුක්රේනය සමඟ දිගු කාලීන යුද්ධයකට සූදානම් බව පෙනී යන බවයි.
එහි දී ඔවුන් පෙන්වා දී ඇත්තේ ඊශ්‍රායල ගාසා යුද්ධය හේතුවෙන් යුක්රේනයට ලැබෙන අවධානය අඩු කිරීම සුදුසු නොවන බවයි.

