ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බලපත්‍රලාභී ගුවන් යානා ඉංජිනේරුවන්ගේ සංගමය (ALAE) විසින් විදේශගතවන ගුවන් යානා ඉංජිනේරුවන් මෙරට රඳවා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජාතික ගුවන් සේවයේ කළමනාකාරිත්වයට සම්බන්ධ පාර්ශවකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ALAE පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා නඩත්තු කිරීම සහ ඒවායේ ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම ගුවන් යානා ඉංජිනේරුවන් රටට අත්‍යවශ්‍ය බවයි.
ගුවන් යානා ඉංජිනේරුවන් බොහෝ ප්‍රමාණයක් විදේශ ගත වීම හේතුවෙන් මේ වන විට ඔවුන්ගේ 25% ක පමණ හිඟයක් පවතින බවයි සංගමය පෙන්වා දෙන්නේ.
එසේම ලංකාව තුළ ගුවන් යානා ඉංජිනේරුවන්ගේ හිඟය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානා වෙනත් ආයතන සහ රටවලට අදාළ නඩත්තු කටයුතු සඳහා යවන අතර එමඟින් ඩොලර් මිලියන ගණනක් රටින් පිටවීමට සිදුවන බවයි ශ්‍රීලංකන් ගුවන් සේවයේ බලපත්‍රලාභී ගුවන් යානා ඉංජිනේරුවන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

