අයිස්ලන්තයේ ගිනි කඳු පිපිරීමේ අවදානමක් මතුව තිබීම හේතුවෙන් නිරිතදිග රෙයික්ජාන්ස් අර්ධද්වීපයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා.
Fagradalsfjall ගිනිකන්ද අවට මෑත සති වල දී ප්‍රබල භූ කම්පන දහස් ගණනක් වාර්තා වී ඇති තිබෙනවා.
මේ හේතුවෙන් නිරිතදිග ග්‍රින්ඩාවික් නගරයේ වෙසෙන පුද්ගලයන් 4,000ක්ට නගරයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති නමුත් එය හදිසි ඉවත් කිරීමක් නොවන බවයි අයිස්ලන්තයේ සිවිල් ආරක්ෂක ඒජන්සිය පැවසුවේ.
අයිස්ලන්ත කාලගුණවිද්‍යා ඒකකය පෙන්වා දෙන්නේ මැග්මා විශාල ප්‍රමාණයක් භූගත මට්ටමට ආසන්නයේ නගරය පුරාම පැතිරී ඇති අතර ඒවා නගරයේ කොතැනකින් පිටතට මතුවේ ද යන්න නිශ්චිතව කිව නොහැකි බවයි.
අයිස්ලන්තය යනු සක්‍රීය ගිනිකඳු 30ක් පමණ ඇති භූගෝලීය වශයෙන් වඩාත් ක්‍රියාකාරී කලාපයකි.

