සිරිපා කරුණාව ලබන උඳුවප් පෝ දා සිට

ලබන දෙසැම්බර් මස 26 වනදාට යෙදෙන උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනයෙන් ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යායේ කුලපති සබරගමු දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් නිවේදනය කර තිබෙනවා.

ඊයේ නල්ලතන්නිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව නිල වශයෙන් සඳහන් කර තිබෙනවා.

එහිදී ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීම සිදු කර තිබෙනවා.

ශ්‍රී පාද වන්දනාවට පැමිණීමේදී එක්වරක් පමණක් භාවිතයට ගන්නා භාණ්ඩ රැගෙන ඒමෙන් වළකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්නදන ගලබොඩ විසින් බැතිමතුන්ගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.