දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු අටම විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
දොරටු හතරක් අඩි හතර බැගින්ද, ඉතිරි දොරටු හතර අඩි දෙක බැගින්ද විවෘත කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
දැදුරු ඔය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කරන්නේ ඉන් තත්පරයට ඝන අඩි 17,000 ක ජල ධාරිතාවක් නිකුත් කරමින් පවතින බව යි.
මේ හේතුවෙන් ගංවතුර අවදානමක් පවතින බැවින් ජලාශයේ පහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරන්නේ.

