උත්සව සමයේ දී බිත්තර මිල ඉහළ යෑමක් නැහැ

උත්සව සමයේ දී බිත්තර මිලෙහි ඉහළ යාමක් අපේක්ෂා නොකරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා.

ඉදිරියේ දී කුකුලු මස් මිල ඉහළ දැමීමට වෙළඳුන් කටයුතු කළහොත් ඒ සඳහා පාලන මිලක් පැනවීමට කටයුතු කරන බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

එසේම ධීවර, පශු සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශවල නිෂ්පාදන ප්‍රමාණයන් පිළිබදව සංඛ්‍යාත්මක දත්ත ලබාගෙන ඉදිරියේ එම නිෂ්පාදනයන් සම්බන්ධයෙන් පුරෝකතනයන් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.