දීපවාලි උත්සවය නොවැම්බර් 12 වන ඉරිදා දිනයේ යෙදී තිබීම හේතුවෙන් ඊට පසු දින එනම් නොවැම්බර් 13 වන දින පළාත් කිහිපයක දෙමළ මාධ්‍ය පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත් වල පිහිටි දෙමළ මාධ්‍ය පාසල් සඳහා ලබන 13 වනදා නිවාඩු දිනයක් වනවා.
මේ අතර සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ උපදෙස් පරිදි නිවේදනයක් නිකුත්කරමින් පළාත් අධ්‍යාපන ලේකම් සඳහන් කර ඇත්තේ මේ වෙනුවට ලබන 18 වන සෙනසුරාදා පාසල් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි.

