යුක්රේන සිවිල් නෞකාවකට රුසියානු ප්‍රහාරයක්

යුක්රේනයේ කළු මුහුදේ ඔඩේසා වරායට ඇතුළු වෙමින් තිබූ සිවිල් නෞකාවකට රුසියානු රේඩාර් නාශක මිසයිලයක් එල්ල කර තිබෙනවා.

ප්‍රහාරයෙන් 43 හැවිරිදි වරාය නියමුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි යුක්රේන බලධාරීන් සඳහන් කරන්නේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව තවම කිසිවක් ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රහාරයට ලක් වුණු නෞකාව චීනයට යපස් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගන්නා එකක් බවයි යුක්රේනයේ යටිතල පහසුකම් අමාත්‍ය ඔලෙක්සැන්ඩර් කුබ්‍රකොව් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ.

රුසියාව විසින් ධාන්‍ය අපනයන ගිවිසුමෙන් ඉවත් වීමෙන් අනතරුව ඔඩේසා වරායට නිරන්තරයෙන් රුසියානු ප්‍රහාර එල්ල වුණු අතර මෙය එලෙස එල්ල වූ 21 වැනි ඉලක්කගත ප්‍රහාරය බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.