මෙරට නිල සංචිත ප්රමාණය සැප්තැම්බර් සිට ඔක්තොම්බර් දක්වා වන කාලය තුළ 0.6% කින් වර්ධනය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.
ඒ අනුව සැප්තැම්බර් මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 3,540ක් ලෙස සටහන් වුණු එම අගය, ඔක්තොම්බර් මාසයේදී ඩොලර් මිලියන 3,562 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම රුපියල් මිලියන 250,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් ලබන 13 වනදා පැවැත්වෙන බව ද මහ බැංකුව දැනුම් දී තිබෙනවා.

