අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 10කට පීඩා

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 10ක පවුල් 3,935කට අයත් පුද්ගලයින් 14,558ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ වන විට ජලාශ රැසක් වාන් දමමින් පවතින අතර රාජාංගණ ජලාශයේ වාන් දොරටු 06ක් ද විවෘත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම නිල්වලා ගංඟා ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබෙන ගංවතුර අවදානම් නිවේදනය ඉදිරි පැය 24 කාලය සඳහා ද දීර්ඝ කර ඇති අතර, දැදුරු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇගවීම් නිවේදනය ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල, අඹේපුස්ස ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, එහි අගය මිලිමීටර් 105.8කි.