කැනේඩියානු කිවිඳියක් වන රූපී කෞර් විසින් ඊශ්‍රායල-හමාස් යුද්ධයේ දී ඇමරිකාවේ මැදිහත් වීමට විරෝධය පළ කරමින් ධවල මන්දිරයේ පවත්වන දීපවාලි උත්සවය සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙනවා.
සමාජ මාධ්‍යවල සටහනක් තබමින් කෞර් කියා සිටියේ සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීමට සහ ඔවුන්ව ඝාතනය කිරීමට සහාය දෙන ආයතනයකින් ලැබෙන ඕනෑම ආරාධනයක් තමන් ප්‍රතික්ෂේප කරන බවයි.
ඉන්දියාවේ උපන් රූපී කෞර් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙලෙස ධවල මන්දිරය විසින් හින්දූන් ගේ දීපාවලි උත්සවය සැමරීමට තීරණය කිරීම පුදුමයට කරුණක් ලෙස තමන් දකින බවයි.
එසේම ඇමරිකානු රජය විසින් ගාසා තීරයේ වැසියන් මරා දැමීම සාධාරණිකරණයට උත්සාහ ගන්නා බවට ද ඇය චෝදනා කර තිබෙනවා.
ධවල මන්දිරයේ දීපවාලි උත්සවය නොවැම්බර් 08 වන දා කමලා හැරිස් මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.



