ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ රික්ටර් මාපකයේ 7.2ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
කම්පනය හේතුවෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර සුනාමි අවදානමක් ද නොමැති බවයි වාර්තා වෙන්නේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ කම්පනය එරට වේලාවෙන් පෙරවරු 11.53ට පමණ ඇති වූ බවයි.
මෙම කම්පනය තරමක ප්‍රබල එකක් වූ අතර එය ඉන්දුනීසියාවේ Tanimbar දූපත් වල Saumlaki නගරය දක්වා දැනී තිබෙනවා.

