දිවයින පුරා සියලු පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන්ට ලබන වසරේ සිට දිවා ආහාර වේලක් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කරනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
එමෙන්ම වයස අවුරුදු 4 සම්පූර්ණ වූ සියලු දරුවන් පෙර පාසල් අධ්‍යාපනයට යොමු වීම අනිවාර්යෙන් සිදු විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

